අඩවන් වූ දෙනෙතින්

Adawan Wu Denethin

 

XXXXX

 

 

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා //
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා

පිරි ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා //

ගායනය / Singing

ආචාර්ය. පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

Dr. Pandit W.D.Amaradewa

සංගීතය / Music

ආචාර්ය. පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

Dr. Pandit W.D.Amaradewa

 

ගේයපද / Lyrics

ආචාර්ය. ඩබ්.ඒ.අබේසිංහ

Dr. W.A.Abesinghe