Bamareku Awai
බමරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි – සෝකෙන් බෝමා
කඳුළු ගැලූවයි දෙලෝ ගැබේයා //
සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ //
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුනාදෝ
බමරෙකු ආවයි ………
සලමුදු සුවඳ පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන් //
බල බිඳදමා හිරු යනවිට අවරගිරෙන්
සලමින් පිපුණ මල්පැණි බොනු රිසිව වරෙන්
බමරෙකු ආවයි ………