චාර්ල්ස් ඩාවින්
Charles Darwin
චාර්ල්ස් රොබට් ඩාවින්
Charles Robert Darwin
වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ රඳා පැවැත්ම උදෙසා සිදු කරනා අරගලයේදී සියලු ජීවී ප්‍රභේදයන් ස්වභාවිකව වරණාත්මක තත්වයකට තල්ලු වී යන බවත්, එකී විද්‍යාත්මක ක්‍රියාවලිය පරිණාමවාදය වශයෙන් ලොවට හඳුන්වා දුන්නේය. තවද මෙකී රැඳී සිටීම සදහා සිදු කරන අරගලය කෘතිම අභිජනන ක්‍රියාවලිය වන වරණාත්මක ලෙස බෝ කිරීමට උපකාර වන බව අවධාරණය කළේය.
සිය පරිණාමවාදයේ න්‍යායන් ප්‍රකට කළ ඩාවින් 1859දී පළ කරන ලද සිය ග්‍රන්ථය තුලින් පල කළ අදහස්, යම් ජීවී ප්‍රභේදයක ආරම්භය කිසියම් වූ විද්‍යාත්මක නොවන තත්වාන්තරකරණ ක්‍රියාවලියකින් සිදුවන බවට පළවූ පරණ මතවාද දුරලන්ට සමත් විය. එහෙත් වැඩි දෙනා පිළිගත් මතය තරඟකාරී පහදාදීම වූ අතර, නව පරිණාමවාදී සංකලනය 1930 සිට 1950 කාලය දක්වා පලල්ව ඒකමතිකව වර්ධනය විය. පරිණාමවාදය සඳහා මූලික සිද්ධාන්තය වුයේ ස්වාභාවික වරණාත්මක ක්‍රියාවලියයි. ඩාවින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම ජීවී විද්‍යාත්මක සංකලනයන් එක්සත් කිරීමේ න්‍යායක්ද විය.
තම සිත තුල ජනිත වූ ස්වභාව ධර්මයේ න්‍යායන් සොයා යාමේ පරම ආශාව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස බැඳී, වෛද්‍යවරයෙකු ලෙසින් සේවය ලබාදීමේ කර්තව්‍ය අතර මග නවතා ලීමට හේතුකාරක වූ අතර, තව දුරටත් සාගරික ජීවී සංකලන රටාව සම්බන්ධව අධ්‍යයනය කිරීමටද ඩාවින් පෙළඹවීය. පස් අවුරුද්දක් තුල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී ලබාගත් දැනුම් සම්භාරය සමග මුසුවුණු එච්. එම්. එස්. බීගල් නෞකා චාරිකාවෙන් ලබාගත් අත්දැකීම් පරිණත භූ ගර්භ විද්‍යාඥයෙකු බවට පත්වන්නට ඩාවින්හට මහත්සේ උපකාරී විය. තවද මෙසේ ලබාගත් දැනුම හා සොයාගැනීම් චාල්ස් ලයිල් ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් පළවූ මතවාදය හා සහ සම්බන්ධ විය. ඩාවින් පළකල සමුද්‍රීය චාරිකාවේ ග්‍රන්ථය නිසා ඔහු තව තවත් ප්‍රසිද්ධියට පත් විය.
සිය ගවේෂණ චාරිකාවේදී සොයා ගත් භූ විද්‍යාත්මක වන ජීවී ප්‍රභේදයන් හා ඉපැරණි පොසිල තුලින් මතුවූ සාක්ෂි වලින් වික්ෂිප්ත භාවයට පත් ඩාවින් තවදුරටත් සංකීර්ණ වූ පර්යේෂණ කරා යොමු විය. 1838 දී ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය නම්වූ සිය න්‍යාය තවදුරටත් ප්‍රගුණ කොට ප්‍රකට කළේය. සමකාලීන ස්වභාව විද්‍යාඥයන් හා අදහස් හුවමාරු කරගත් ඩාවින් සිය භූගර්භ විශ්ලේෂණයන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දුන්නේය. 1858 දී ඇල්ෆ්රිඩ් රසල් ඩාවින් වෙත චාරිකාවක් ඉදිරිපත් කළ අතර, දෙදෙනා එක්ව පොදු මතවාදයක් ලෙසින් එය ග්‍රන්ථාරූඪ කළේය. ඩාවින්ගේ සොයා ගැනීම් ජීවී පරිණාමයේ ක්ෂය වීම සහ සම්බන්ධ වූ වෙනස් වීමේ ක්‍රියාවලියක් වූ අතර, එම මතය ජීවී ප්‍රභේදයන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයාගේ සහයෝගය පිළිබදව කදිම පිළිතුරක් විය. 1871දී ඩාවින් මානව ශිෂ්ඨාචාරයේ පරිණාමය ලිංග භේදයන්ට අනුව මිනිස් වර්ගයා තුලින් සිදුවන්නක් බවත්, ලිංග භේදයන්ට අනුව මිනිසා හා සත්වයන්ගේ භාව ප්‍රකාශනය එම උද්වේගයන්ට අනුව සිදුවන බවත් සොයාගත්තේය. ශාක ප්‍රභේදයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ඩාවින් ඒ සම්බන්ධව ග්‍රන්ථ කීපයක් ලොවට දායාද කළ අතර, අවසාන කාලයේදී ගැඩවිලි පණුවන්ගේ ක්‍රියාකාරීත්වය පාංශු සංරක්ෂණය කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධව දීර්ඝ අධ්‍යයනයක් කළේය.
මානව වර්ගයේ පැවැත්ම, දැනුම් සම්භාරය වැඩි දියුණු කිරීම උදෙසා සුවිශේෂි සේවාවක් ඉටුකළ, ලොවක් දිනූ ස්වභාව විද්‍යාඥයා මෙලොවින් සමුගත් අවස්ථාවේදී, එතුමන්ට ගෞරවයක් ලෙසින්, වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී ගෞරව පෙරදැරිව විශේෂ වූ අවමංල්‍ය උත්සවයක් සංවිධානය කළ අතර, ප්‍රකට විද්‍යාඥයන් වූ ජෝන් හර්ෂෙල් හා අයිසැක් නිව්ටන්ගේ සොහොන්වලට යාබදව මිහිදන් කරන ලදී.
Charles Darwin, an English naturalist born on February 12, 1809, passed away on April 19, 1882. This earth mine naturalist says that the life span of all living species in the world is decreasing with the passage of time compared to the life span of their common ancestors, and that in the struggle for the survival of the universe, all living species are pushed into a naturally selective situation, and that scientific process is the theory of evolution. introduced to the world as He also emphasized that the struggle for survival helps in selective breeding, which is the process of artificial breeding.
Darwin, who announced his theories of evolution, in his book published in 1859, overcame the old ideas that the beginning of a certain species of life occurs through some non-scientific process of transformation. But the most widely accepted view was the competing explanations, and the neo-evolutionary synthesis developed unanimously from the 1930s to the 1950s. The basic theory for the theory of evolution was the process of natural selection. Darwin’s scientific discovery was also a unifying theory of biological phenomena.
The absolute desire to search for the theories of nature born in his mind caused him to join the Edinburgh University as a medical student and stop the way between the duties of providing services as a doctor, and further motivated Darwin to study the pattern of marine life assemblage. H. who mixed with the wealth of knowledge obtained at Cambridge University in five years. M. S. The experience gained from the Beagle voyage helped Darwin to become a mature geologist. And the knowledge and discoveries thus obtained were related to Charles Lyell’s theory of unity. Darwin became more famous for his book on maritime travel.
Intrigued by the geological diversity of wildlife found on his expedition and the evidence of ancient fossils, Darwin turned to further sophisticated research. In 1838, he further developed and published his theory called the natural selection process. In exchange with contemporary naturalists, Darwin prioritized his geological analyses. In 1858, Alfred Russell presented a tour to Darwin, and the two co-authored it as a common ideology. Darwin’s findings were a process of decay and change involved in the evolution of organisms, and the idea was a perfect answer to nature’s support for the continued existence of species. In 1871, Darwin discovered that the evolution of human civilization takes place in the human race according to the sexes, and that the expression of the human and animal natures according to the sexes is based on those impulses. Darwin, who carried out experiments on plant varieties, donated several books to the world in this regard, and in the last years, conducted a long study on how the activity of earthworms affects soil conservation.
When the world-beating naturalist, who performed a special service for the development of the human race and knowledge, passed away, in his honor, a special funeral ceremony was organized at Westminster Abbey, and he was buried next to the graves of famous scientists John Herschel and Isaac Newton. was done
ජීවන තොරතුරු
උපත: 1809 පෙබරවාරි 12 දින එක්සත් රාජධානියේ දී.
අභාවය: 1882 අප්‍රේල් 19 දින එක්සත් රාජධානියේ දී.
ජාතිකත්වය: බ්‍රිතාන්‍ය
අධ්‍යයනය ලැබූ ආයතන:
එඩින්බර්ග් වෛද්‍ය විද්‍යාලය
ක්‍රිස්ට් විද්‍යාලය
අදාළ ක්ෂේත්‍රය: ස්වභාව විද්‍යාව
සම්මාන:
FRS (1839)
Royal Medal (1853)
Wollaston Medal (1859)
Copley Medal (1864)
Baly Medal (1879)
Pour le Mérite, Prussia (1867)
Doctor of Laws (Honorary), Cambridge (1877)
Life information
Born: 12 February 1809 in United Kingdom.
Died: 19 April 1882 in UK.
Nationality: British
Institutions Studied:
Edinburgh Medical School
Christ’s College
Relevant Field: Natural Sciences
Awards:
FRS (1839)
Royal Medal (1853)
Wollaston Medal (1859)
Copley Medal (1864)
Bally Medal (1879)
Pour le Mérite, Prussia (1867)
Doctor of Laws (Honorary), Cambridge (1877)