ලියනාඩෝ ඩා වින්චි

Leonardo da Vinci

ලියනාඩෝ ඩා වින්චි

Leonardo da Vinci

 

ලියනාඩෝ ඩා වින්සි පියරෝ ඩාවින්සි[1542 අප්‍රේල් 15 – 1519] ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් ප්‍රජාතන්ත්‍රවාදී නගරයේ වින්සි හිදී උපත ලැබීය. වෙරෝකියෝ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.

බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘පුනරුද මිනිසාගේ’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.

ලියනාඩෝ වඩාත්ම ලෝකප්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම් නිසාවෙනි. ඔහුගේ කෘතීන් දෙකක් වන මොනාලිසා සහ අවසන් රාත්‍රීභෝජන සංග්‍රහය වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම ප්‍රති නිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ ආලේඛ චිත්‍රය හා ආගමික සිතුවම වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකි. ඔහුගේ සිතුවම්, ඔහු විසින් අඳින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් සටහන් පොත් පසු පරම්පරාවන් වෙත ඔහු ලබාදුන් මාහැඟි දායාදයකි.

ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, ගණක යන්ත්‍රය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාළයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත්‍රය සහ ස්වංක්‍රීය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය විච්ඡේද විද්‍යාව, සිවිල් ඉංජිනේරු වද්‍යාව, ප්‍රකාශ විද්‍යාව සහ ද්‍රවගති විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි දැනුම් මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් කළේය.

 

Leonardo da Vinci Piero da Vinci [April 15, 1542 – 1519] was an Italian genius. He was a scientist, mathematician, engineer, innovator, dissector, painter, sculptor, architect, botanist, musician and writer. Piero da Vinci was born as an illegitimate child to a notary and Katrina, a peasant girl, in the democratic city of Florence, Vinci. Leonardo studied at the studio of the famous painter Verrocchio. Much of his early work was done while in the service of Ludovico Il Moro in Milan. Later he worked in Rome, Bologna and Venice, and spent the latter half in a house given to him by King François I.

Leonardo is often referred to as the prototype of the ‘Renaissance Man’, matched only by his capacity for infinite innovation. He is widely known as the greatest painter of all time. He is considered to be the most talented person who lived in those days.

Leonardo is most famous for his paintings. Two of his works, the Mona Lisa and The Last Supper, are the most popular, most reproduced, and most talked about portrait and religious painting. The only work that could equal its fame was Michelangelo’s Adam. His paintings, notebooks containing his ideas about drawing scientific diagrams are his tangible legacy to posterity.

As an engineer, Leonardo developed the helicopter, solar energy, conceptualizations of the calculator, and his theories of terrestrial motion, many of which were far ahead of his time. Only a few of his designs were viable in his time. But several of his small inventions, such as the machine he designed for measuring the tensile strength of wires and the automatic brewing, were presented to the world and entered the world of production. As a scientist, he contributed immensely to the advancement of knowledge in the fields of anatomy, civil engineering, optics and fluid dynamics.

 

 

ජීවන තොරතුරු

උපතේ දී නම: ලියනාඩෝ ඩා වින්සි පියෙඩෝරා ඩා වින්සි

උපත: 1452 අප්‍රේල් 15 දින වර්තමාන ඉතාලියේ වින්සි ෆ්ලොරන්ස් හිදී.

අභාවය: 1519 මැයි 2 දින ප්‍රංශයේ, ඇම්බොයිසේ, ක්ලොස්ලූස් හිදී.

ජාතිකත්වය: ඉතාලියානු

ක්ෂේත්‍රය: කලාව හා විද්‍යාවන් සමඟ සබැඳි බොහෝ දේ.

විශේෂ කෘතීන්: මොනාලිසා, අවසන් බෝජන සංග්‍රහය, විට්‍රෑවියන් මිනිසා.

Life information

Name at birth: Leonardo da Vinci Piedora da Vinci
Born: April 15, 1452 at Vinci, Florence, present-day Italy.
Died: 2 May 1519 at Closluz, Amboise, France.
Nationality: Italian
Field: Many things related to arts and sciences.
Featured Works: Mona Lisa, The Last Supper, Vitruvian Man.

 

විද්‍යාඥයින්ගේ නාම ලේඛනය – LIST OF SCIENTISTS

Click Here