මාරි කියුරි – Marie Curi
මරියා සලොමෙයා ස්කොඩොල්ස්කා
Marie Salomea Skłodowska
මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.
Maria Sklodowska Curie or Marie Curie lived in November 1867. 07 to 04 July 1934. She grew up in Poland and later acquired French citizenship. She was a physicist as well as a chemist. She accomplished a pioneering mission in the field of radioactivity and was able to win the Nobel Prize twice. (She is the only person to date to win the Nobel Prize in two fields of science.) She is also the first female professor at the University of Paris.
ජීවන තොරතුරු
උපත: 1867 නොවැම්බර් 7 දින රුසියානු අධිරාජ්‍යයේ කොටසක් වූ පෝලන්තයේ වෝර්සෝ හිදී.
අභාවය: 1934 ජූලි 4 දින ප්‍රංශයේ හුට් සව්වා, පසිසී හිදී.
පදිංචිය: පෝලන්තය හා ප්‍රංශය
පුරවැසි භාවය: උපතින් පෝලන්ත / විවාහයෙන් ප්‍රංශ
අධ්‍යයන ආයතන: පැරිස් විශ්ව විද්‍යාලය
විෂය කේෂ්ත්‍රය: භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව
ලබා ගත් සම්මාන:
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (1903)
ඩේවි පදක්කම (1903)
මැටිසුයි පදක්කම (1904)
එලියට් කාර්සන් පදක්කම (1909)
ඇල්බර්ට් පදක්කම (1910)
රසායන විද්‍යාව සඳහා නොබෙල් පදක්කම (1911)
විලාර්ඩ් ගිබ්ස් ත්‍යාගය (1921)
Life information
Born: November 7, 1867 in Warsaw, Poland, then part of the Russian Empire.
Died: July 4, 1934 at Haut Savoie, Pacissy, France.
Residence: Poland and France
Citizenship: Polish by birth
French by marriage
Academic institutions: University of Paris
Subject Area: Physics and Chemistry
Awards Received:
Nobel Prize in Physics (1903)
Davy Medal (1903)
Matisui Medal (1904)
Eliot Carson Medal (1909)
Albert Medal (1910)
Nobel Medal for Chemistry (1911)
Willard Gibbs Prize (1921)